Sunday, August 17, 2008

මා ගැන...................

මාතලේ ක්‍රිස්තුදේව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, ශිෂ්‍යත්වයෙන් පසු මාතලේ සාන්ත තෝමසුවේ විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරන අතරතුර විවෘත තරග විභාගයකින් සමත්ව, ශ්‍රී ලාංකීය සන්නිවේදන සමාගමක සේවයට එක්වූයෙමි. ඒ 1994.04.04 දිනය.

සාන්ත තෝමසුවේ සිප් සතර හදාරන කල මා විසින් අවස්ථා ගනනාවකදී විද්‍යාලයීය වීද්‍යා ප්‍රදර්ශණයන් පිළිබද සජීව FM ගුවන් විදුලි විකාශයන් ම විසින් නිර්මාණය කරන ලද FM සම්ප්‍රේෂණ උපකරණ මගින් අදාල අනුමැතියන් සහිතව විකාශය කළෙමි.

තවද 1992 වර්ෂයේ ජාතික තරුණසේවා සභාව මගින් පවත්වනු ලබන වසරේ විද්‍යුත් නව නිර්මාණකරැ තරගයෙන් ජයග්‍රහනය කිරීමේ දුරලභ අවස්ථාව මා සතු කරගනු ලැබූයේ කැසට් පටයක් තුල පටිගත කලහැකි උපරිම ධාරිතාවය සහිත කැසට් යන්ත්‍රයක් නිර්මාණය කරමිනි.

( stereo තාක්ෂණය සමගින් පැය 7 ක ධාවන කාලයක් සහිතව Track 4 කින් යුතු කැසට් පටයකි)

රැකියාවට එක්වීමෙන් පසු මා සේවය කරනු ලබන සමාගම විසින් 50 වන නිදහස් උළෙල නිමිත්තෙන් සන්නිවේදන තාක්ෂණය හා සබැදි නව නිර්මාණ තරගයක් (විවෘත) පවත්වන ලදුව එම තරගාවලියේ 2 වන ස්ථානය හිමිකර ගැනිමට මා සමත්වූයෙමි. ලොව ඕනෑම තැනක සිට ජංගම හෝ ස්ථාපිත දුරකථනයකින් තම නිවසේ හෝ කාර්යාලයේ ප්‍රධාන විදුලි පරිපථය පාලනය කල හැකි උපකරණයක් මෙම නිර්මාණයට අයත් විය.

(මෙම නිර්මාණය පුරා මාසයක කාලයක් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිවූ අප ආයතනයේ ප්‍රදර්ශණ කුටිය තුලදී මහජන ප්‍රදර්ශණය සදහා ඉදිරිපත් කිරීමට හැකිවීමත්. ආරම්භක දිනයේදී අප ප්‍රදර්ශණ කුටි‍යේ විදුලි සැපයුම. නව පද්ධතිය ආධාරයෙන් මාගේ ආදරණීය මව විසින් මාතලේ අප නිවසේ සිට ක්‍රියන්මක කිරීමත් මට කිසිදා අමතක නොවන්නකි.)

මෙම නිර්මාණය සදහා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය ම විසින් ලබා ගන්නා ලදී

මතු සම්බන්ධයි..........

<a

Posted by Chami at 9:40 AM |  

6 comments:

Subscribe to: Post Comments (Atom)